ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දෙවැනි නිල සංචාරය ලෙස එංගලන්ත සංචාරය ආරම්භකිරීමට අද (07දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
රාජ්‍ය නායකයෙක් ලෙස විශේෂ ගුවන්යානයකින් එංගලන්ත සංචාරයට පිටත්ව යාම වෙනුවට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 651 දරණ මගී ගුවන් යානයෙන් ඩුබායි හරහා ලන්ඩන් බලා ඔහු පිටත්ව ගියේය.
මේ සඳහා ජනපතිගේ බිරිඳ වන ජයන්ති සිරිසේන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වූහ.
සාමාන්‍ය ගුවන් මගීන්ගේ සම්ප්රදාය අනුගමනය කරමින් ගුවන් යානය පිටත්වීමට පැයකට කළින් මෛත්‍රීපාල සිරිසේන මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණීමටද කටයුතු කළේය.