ජනපති ඉන්දියාවට ළඟාවෙයි
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප.ව 5.00 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළගා විය.
ඉන්දීය රජය වෙනුවෙන් එරට නාවුක, මහාමාර්ග හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය පී. රාධාක්‍රිෂ්නන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහ යන මහත්වරුන් ඇතුලු විශේෂ දූත පිරිසක් විසින් එහිදී ජනාධිපතිවරයා පිළිගත්හ.
එසේම ශ්‍රී ලංකා දරුවන් දෙදෙනකු විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ආර්යාව උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් යන මහත්වරුන්ද, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුදර්ශන සෙනෙවිරත්න මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියේය.
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

