ඉන්දියාවේ නවදිල්ලිනුවරදී හෙට (11) ආරම්භවීමට නියමිත ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) පස්වරුවේ නවදිල්ලිනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එරටට ළඟාවිය.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුවිගන්ෂාම් මහත්මිය විසින් ගුවන්තොටුපළේදී ජනාධිපතිවරයා මහත්හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත්සිං මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ද ඒ අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිවරයා නවාතැන් ගන්නා ටාජ්හෝටලයේදී ද තානාපති කාර්යමණ්ඩලය විසින් ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් චාම් උත්සවයක් සූදානම්කර තිබුණ බව ජනපති මාධ්‍ය අංශය පැවැසීය.මෙම දෙදින නිල සංචාරය සඳහා අමාත්‍ය නිමල්සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටි.