එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගීවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනපතිවරයා මෙම සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හමුවීමටද නියමිත බව පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අණාවරණය විය. එක්සත් ජාතීන්ගේ 70 වැනි සැසිවාරය මෙවර පැවත්වේ. ජනපතිවරයා 30 වැනිදා ඇමතීමට නියමිතය. එය පසුගිය 15දා ආරම්භ විය.