දුම්වැටි සඳහා වන බද්ද සියයට 90 දක්වා ඉහළ නැංවීමට තමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ඉක්මණින් සම්මත කර ගැනීමට කටයුතු කළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (03දා) ආණ්ඩුවට සිහිකැදවීමේ ප්‍රකාශයක් කළේය.
මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව පැවසීය.
අද කළයුතු දේ හෙටට කල්දමා මුළුමහත් ජාතියම රෝගීන් බවට පත්කිරිමේ ඛේදවාචකයට උරනොදෙන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කළේය.
‘‘මේ ආණ්ඩුවත් මුහුණදෙනවා දුම්කොළ සමාගම්වල අභියෝගවලට, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට, මද්‍යසාර හදන නීත්‍යානුකූල අශීලාචාර ව්‍යාපාරිකයන්ට මේ හැමදේකටම අපිට මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ අවුරුද්දේ පවත්වපු ලෝක දුම්කොළ විරෝධී දිනයේදී අපි B.M .I.C.H එකේ සහභාගි වූ රැස්වීමේදී ඉතා කෙටි දේශනයක් කළා. අපේ විශේෂඥ වෛද්‍යවරයෙක්.
ඔහු කීවා මට එක කාරණයක් තියෙනවා ජනාධිපතිතුමාට කියන්න ඔබතුමාලගේ ආණ්ඩුව ඊයේ පෙරේදා බදු සංශෝධනයක් කළා.
හැබැයි ඒ සංශෝධනය කරද්දී ඔබතුමල්ලාගේ ආණ්ඩුව සිගරට් සමාගම්වල බද්ද දැන හෝ නොදැන අඩු කරලා තියෙනවා කියලා.
මම කිව්වා මම ඒක දන්නේ නැහැ කියලා.
මම දැන් මේ රැස්වීම ඉවර වෙලා යන්නේ කැබිනට් මණ්ඩලයට.
මම ගිය ගමන් යෝජනා කරනවා එවැනි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් වහාම සිගරට් සමාගම්වලින් අය කරන බද්ද වැඩි කළ යුතුයි කියලා.
අඩු කිරීම නෙවෙයි තියෙන තත්ත්වයෙන් වැඩි කළ යුතුයි කියලා.
මම කැබිනට් මණ්ඩලයට ගිහින් කිව්වා මෙහෙම ප්‍රශ්නයක් වුණා. මුදල් ඇමතිතුමාටත් කිව්වා.
එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කිසිසේත් අඩු කරන්න බැහැ තියෙන තැනින් බදු වැඩි කිරීම තමයි අවශ්‍ය වෙන්නේ කියලා.
මේ සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය තුළ යම් යම් සංවාද ඇතිවුණා.
සෞඛ්‍ය ඇමතිතුමත් මාත් සාකච්ඡා කරලා අපි ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළා.
සිගරට් සමාගමෙන් අය කරන බදු ප්‍රමාණය සියයට 90 කින් වැඩි කරන්න ඉදිරිපත් කළා.
දැන් මාස එකහමාරක් මේක නලියනවා තැන් තැන් වල.
මම කියන දේ එදත් කිව්වා අදත් කියනවා.
සිගරට් කොම්පැනියේ මහත්වරු ඒ කාලේ මාගෙන් නිදහසට කරුණු අහපු අය අරලියගහ මන්දිරයට ගෙනල්ලා සිගරට් කම්පැනියේ අධ්යක්ෂ මණ්ඩලය ඉස්සරහ මාව හිටවලා ඇහුවා ඇයි මේ සිගරට් සියයට 80 ක්. පාකිස්ථානයේ සියයට 40 යි ඉන්දියාවේ සියයට 50 යි ඇයි මෙහෙ විතරක් සියයට 80. කියලා කිව්වා
ඊළඟට කිව්වා මොකටද මේ අවවාද. කියලා ඇහුවා . මේවා ගැන දැනුවත් කරන්න සිගරට් පැකට් එකේ ඉඩ නැහැ කිව්වා.
මම හිතන්නේ ලෝකේ එකම සෞඛ්‍ය ඇමතිවරයා සිගරට් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය වාඩිවෙලා ඒ ඉස්සරහා හිටගෙන අහන ප්‍රශ්නවලට උත්තර දුන්නේ. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ජනතාව මාව ජනාධිපතිවරයා කෙරුවේ.
ඉතින් අදත් මට පේනවා.
සියයට 90 කින් බද්ද වැඩිකරන්න කිව්වහම මේ තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලයට එන නිර්දේශ බොහොම පසුගාමී වෙන්නේ මේ පිටුපස්සේ ඉන්නේ කවුද කියලා මට හොදට තේරෙනවා.
මම මේක විවෘතව කිව්වේ මේක කාට කාටත් දැන ගන්න ඕනා නිසා.
ඒ නිසා මේක වැඩිකල් අදින්නේ නැතිව කළ යුතුදේ කළ යුතුයි කියලා ආණ්ඩුවේ සිටින සියලුදෙනාට මම මහරගම රෝහලේ ඉඳල කියනවා රටටම ඇහෙන්න.’’
මේ අතර ජනධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ 65 වන ඡන්ම දිනයද අදට යෙදි තිබෙ.