ජනපති අමාත්‍යාංශයන්හි සාර්ථකත්වය සෙවීමට යයි
ලබන මාසයේ සිට තමන් සෑම අමාත්‍යාංශයකම ප්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා සහභාගීවන බවත් එහි පසුවිපරම් කටයුතු ජනාධිපති කාර්යාලය හරහා සිදුකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ඊයේ (12දා) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමිනි.
රාජ්‍ය නිලධාරින්ට මගපෙන්වීම තිබෙන්නේ රාජ්‍යය කරන්නා වූ දේශපාලන නායකත්වයේ මෙහෙයවීම, කළමනාකරණය සහ පරිපාලනයේ සාර්ථකත්වය මත බවත් රාජ්‍ය සේවයේ කිසිවෙකුට තමා චෝදනා නොකරන අතර යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන්නේ නම් ඊට වගකිවයුත්තේ දේශපාලන අධිකාරිය බවත් පැවැසීය.
වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවයක් කොතනකදී හෝ සිදු නොවිය යුතු බවත් විනිවිදභාවයෙන් සහ පිරිසිදුව සිය කටයුතු කරගෙන යාමට සියලු කාර්ය මණ්ඩල කැපවිය යුතු බවත් ඔහු පැවැසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

