තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ වත්කම බැරකම ප්රකාශ ඉල්ලා සිටියද පනතේ ප්රතිපාදනවලට සරිලන ආකාරයට නිවැරදි තොරතුරු ලබාදී නොමැති බව ට්රාන්ස්පේරෙන්සි ඉන්ටර් නැෂනල් ශ්රී ලංකා ආයතනය සඳහන් කරයි.
මේ අනුව තොරතුරු දැනගැනීමේ පනතේ ප්රතිපාදන අනුව නිවැරදි තොරතුරු නොලැබුණු නිසා ඒ පිළිබඳව තොරතුරු කොමිසමට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවද එම ආයතනයේ නීති අංශය සඳහන් කරයි.
මේ අනුව ජනාධිපතිවරයාගේ වත්කම් බැරකම් ප්රකාශ නිවැරදිව ලබාදීමට කටයුතු නොකිරීම පිළිබඳව ජනාධිපති ලේකම්වරයා වගඋත්තරකරු කරමින් තොරතුරු කොමිසමට ලබන සතිය තුළදී පැමිණිලි කරන බවද එම අංශය පෙන්වා දෙයි.
අග්රාමාත්යවරයාගේ වත්කම් බැරකම් ප්රකාශ ලබානොදීමට වගඋත්තරකරුවන් කරමින් පසුගිය 12 වැනිදා තොරතුරු කොමිසමට පැමිණිලි කළ බවද නීති අංශය පවසා සිටියි.
වත්කම් බැරකම් ඉල්ලීම පෙබරවාරි 03 වැනි දින සිදුකළ බවත් එහෙත් වැඩකරන දින 28 ක් ගෙවී ගියද අදාළ තොරතුරු ලබාදීම සිදුකළ බවද නීති අංශය සඳහන් කරයි.
මේ අනුව පනතේ ප්රතිපාදනවලට අනුව තොරතුරු කොමිසමට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙන බවත් මෙම ප්රතිපාදන මත මෙම පැමිණිලි සිදුකරණ බවද නිති අංශය පෙන්වා දෙයි.
තොරතුරු කොමිසමෙන් සාධාරණයක් ඉටුනොවුනහොත් අභියාචනාධිකරණයට යාමට හැකියාව තිබෙන බවද නීති අංශය අවධාරණය කරයි.