ජනපතිවරණ ප්‍රකාශය ඉදිරි පැය 72තුළ දී
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේ සංවිධාන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, ඉදිරි පැය 72 ක කාලය තුළදී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට ඡන්දපොළ මට්ටමින් දැනුම්වත් කිරීම් 11478 ක් සිදුකර තිබෙන බවත්, මීට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන් 2912 ක් දැනුම්වත් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
ඡන්දපොළ මට්ටමේ දැනුම්වත් කිරීම්වලට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධාන, කාන්තා සංවිධාන දැනුවත් කිරීම සිදුකරමින් තිබෙන බවත්, දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් විසින් වෙනම දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබෙන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකළ සමීක්ෂණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 57෴ ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් හිමිවන බවට හෙළිවී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

