2015 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂයෙකු ඉදිරිපත් කර එය ජයගැනීමට හැකිවූයේත් පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වූයේත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ කැපකිරීම නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත පත්වීමේ ලිපිය ප්රදානය කිරීම අද (01දා) අරලියගහ මන්දිරයේ දී පැවැති අතර මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“එක්සත් ජාතික පක්ෂයේ අපි අලූත් නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම පක්ෂයේ වැඩ කටයුතු වෙනුවෙන් නව නිලධාරීන් පත් කළා. එහි වැදගත් වගකීමක් වන්නේ මාධ්‍යයි. එක්සත් ජාතික පක්ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙසත්, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත් හරීන් ප්‍රනාන්දු මහතා අප පත් කළා. ඒ මහතා මෙම තනතුරට සුදුසුම පුද්ගලයෙක් බව කිව යුතුයි.
රටේ ජනමාධ්‍ය ඇතුලු අනෙකුත් ජන සන්නිවේදන අංශ සමග එක්ව වැඩ කටයුතු කිරීමේ වගකීම එක්සත් ජාතික පක්ෂ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට බාර දී තිබෙනවා.” යැයිද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.