ජනපතිවරණය නැතත් අරලියගහ දන්සල විවෘත කර මාසයක්
එ.ජා.ප. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය
ජනාධිපතිවරණ තවම ප්රකාශයට පත්කර නොමැති වුවද අරලියගහ මන්දිරයේ පවත්වන 'දන්සල' විවෘත වී මාසකටත් වඩා වැඩි බවත් සන්ධාන රජයේ වගකිවයුත්තන් ඍජු අල්ලස් ලබාදීමේ වැඩපිළිවෙළක නිරතවී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පවසයි.
ඒ සමගම රාජපක්ෂවරුන් සමග කලකිරී ඇති මහජන නියෝජිතයන්ට යළි දිනාගැනීමට ආණ්ඩුව සිල්ලර උත්සාහයක් ගන්නා බවද ජයසූරිය මහතා පවසා සිටියේය.
රාජ්ය සේවකයන් තුළ ගිලිහෙමින් ඇති තම ඡන්ද පදනම රැකගැනීම වෙනුවෙන් යතුරුපැදි ලක්ෂයක් රුපියල් පනස් දහසේ මිලකට රට පුරා සිටින ක්ෂේත්ර නිලධාරී අතර බෙදාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය හේතුවෙන් රජයට රුපියල් මිලියන 15,000ක අලාභයක් සිදුව ඇති අතර, ඒ වනවිට ඒකපුද්ගල ණයබර රුපියල් ලක්ෂ හතරකට ආසන්න බව ඒ මහතා සඳහන් කළේය.
ජයසූරිය මහතා ඊයේ (17දා) මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

