මේ මස 19 වැනිදා ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටින බැවින්, එය නීත්‍යානුකූලද නැද්ද යන්න පිළිබඳව අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ මස 19 වැනිදා ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ කටයුත්ත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ඇති බවයි.
අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශ කරනු ඇතැයිද අබේවර්ධන මහතා පවසා සිටියේය.