ඉදිරි මාස හයේදි විධායක බලතල පාවිච්චි කර තීන්දු තීරණ ගන්නැයි ආණ්ඩුවේ සිටින ශ්රී ලංකා නිදහප් පක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එසේ නොකළහොත් ආණ්ඩුව ජනතාව අතර අප්රසාදයට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ශ්රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ප්රකාශ කර තිබේ.
ඔවුන් මේ බව පවසා ඇත්තේ පසුගිය බදාදා දිනයේදී ජනපති නිල නිවසේදී පැවැති ශ්රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගේ සාකච්ඡාවකදීය.
ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ කළකිරීමක් හා අප්රසාදයක් ඇතිවෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා මැතිදහත් වී තීන්දු තීරණ නොගතහොත් ශ්ර්රී ලංකා නිදහස් පක්ෂයටද එම අපවාදයෙන් ගැලවිය නොහැකි බවන බවත් මැති අැමතිවරුන් පෙන්වා දී ඇත.
එබැවින් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය ඇතිකර ගැනිම සඳහා ජනපතිවරයාට සිය බලතල භාවිත කර තින්දු තීරණවලට එළැඹිමට සිදුවන ඇති බව ප්රකාශ කර ඇත.
එම තීරණවලදී නිදහස් පක්ෂය ජනාධිපතිවරයා තනි නොකර කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.
අජන්ත කුමාර අඟලකඩ