ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් පසු රට පුරා ජනාධිපතිවරයාගේ ප්රචාරක කටයුතු ආරම්භ වී තිබේ. මෙහිදී කොළඹ නගරයේදී අපේ නිරීක්ෂණයට හසුවුණේ මාර්ග සංඥා දක්වා ඇති කණු ආශ්රිතව ජනාධිපතිවරයාගේ කටවුට් සවිකර ඇති ආකාරයයි. කාසල් වීදියේ දුම්රිය හරස් මාර්ගය පිළිබඳව පොලිස් රථවාහන අංශය දක්වා ඇති පුවරුව පවා වසා මෙම කටවුට් සවිකර තිබේ. ඇතැම් ස්ථානවල මාර්ග සංඥා කණු කටවුට් සවිකිරීමට ආධාරක කණු වශයෙන්ද යොදා ගෙන තිබේ. මෙවැනි දේ කරන්නේ ජනාධිපතිවරයාට හිතවත් පිරිස්ද නැත්නම් ඔහුගේ කීර්තිය විනාශ කිරීමට සැලසුම් කරන පිරිස්ද යන්න සොයා බැලීම ජනාධිපතිවරයාට බාරය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ/ ඉසුරු පෙරේරා