වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර හයක් සිය ධුරයේ කටයුතු කළ හැකි බව නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇතැයි වාර්තා වෙයි.
ජනපතිවරයා සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිය මතය විමසා ඇති අතර ඒ පිළිබඳව මතය ලබාදිමට අගවිනිසුරු පියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක්ද ස්ථාපිත කර තිබේ.
මෙම කමිටුවට නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් ජනපතිවරයාට වසර හයක් ධුරය දැරිය හැකි බව දන්වා ඇතැයි වාර්තා වෙයි.