ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ප්රියන්ත සිරිසේන මහතා මොට අයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ අයෙකුට බරපතළ වැඩ සහිත වසර 18ක සිරදඬුවමක් නියම කිරීමට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය.
මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ පොළොන්නරුව නව නගරය, හතර ඇළ පදිංචි හපුතන්ත්රිගේ දොන් ඉෂාන් ලක්මාල් නමැත්තෙකුටය.
රුපියල් ලක්ෂ10ක වන්දි මුදලක් හා මරණකරුගේ යැපෙන්නන් වෙත රුපියල් 20,000ක මුදලක් ගෙවන ලෙස චූදිත පුද්ගලයාට නියම කළ විනිසුරුවරයා, එම වන්දි මුදල් සහ දඩ මුදල් නොගෙවන්නේ නම්, බරපතළ වැඩ සහිතව තවත් වසර දෙකහමාරක සිරදඬුවමකට යටත් කරන බවද දැනුම් දුන්නේය.