ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (08දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
පාර්ලිමේන්තු විවාදය හෙට දිනයේදී පැවැත්වුවහොත් ඒ සඳහා සූදානමින් සිටින බවද එම සංවිධානයේ ජාතික සංවිධායක රංජිත් සොයිසා මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම දෙනා අද පාර්ලිමේන්තුවට පැමිණෙන බවත්, එහිදී ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වාඩි වන මන්ත්‍රීවරුන් 16 දෙනා සාදරයෙන් පිළිගැනීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.
ඉදිරියේදී මෙම 16 දෙනා සමග එක්ව ජනතාවට අවශ්‍ය ජයග්‍රහණ ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.