ජනාධිපතිවරයා විසින් ඊයේ (03) සිදුකරන ලද ප්‍රකාශය 70 වසරක එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුවී සිදුකළ වංචා දූෂණ පිළිබඳ කෙටි වාර්තාවක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
වසර 70 ක කාලය තුළදී මේ පක්ෂ දෙක මාරුවෙන් මාරුවට ආණ්ඩු කරමින් ජනතාවගේ මුදල් කාබාසිනියා කර දැමූ බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (04දා) පැවැති මාධ්‍ය සාකඡාවකදී පැවසීය.
හොරු එලවා වංචා දූෂණ නතර කරන බවට කියූ වර්තමාන ආණ්ඩුව මහා පරිමාණ බැංකු කොල්ලයක් සිදුකළ බවත්, මේ නිසා දූෂිතයන්ට දඬුවම් දීමට ජනතාවට අහිමිවූ මුදල නැවත ලබාගැනීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවද ලේකම්වරයා අවධාරණය කළේය.