ඉදිරි සති දෙකක කාලයේදී රජයේ ආයතන ප්‍රධානීන්ගේ වෙනසක් මෙන්ම අමාත්‍ය මණ්ඩලයේද වෙනසක් සිදුවන බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි සති දෙකක කාලයේදී රජයේ ආයතන ප්‍රධානීන්ගේ වෙනසක් සිදුවන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (20දා) පැවැති හමුවේදී හෙළිකළ අතර ඒ සමගම බොහෝ ආයතන ප්‍රධානීහු මෙන්ම අමාත්‍යවරුද කලබලයට පත්වූහ.
මේ අතර, අගමැතිවරයාට සමීප ආරංචි මාර්ගද රජයේ නිලධාරීන්ගේ මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් පිළිබඳ කරුණු තහවුරු කළේය.
ඉදිරියේදී සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් විමසීම සඳහා අමාත්‍යවරු බොහෝ පිරිසක් ඊයේ (20දා) දිනයේදී අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා සමග සම්බන්ධ වීමට උත්සාහ කළ බවත්, ඔවුන් යම් කලබලයකට පත්ව ඇති බවද වාර්තා විය.
තම වගකීම් ඉටු කිරීමට නොහැකි වූ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පුටුවල මාරුවක් සිදුවෙනු ඇතැයිද වාර්තා වේ.
 copy copy(6).jpg)