උතුරුමැද පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ස්වාධීනවීමට තීරණය කර ඇති බවත් ඒ අනුව පළාත් සභාවේ මහ ඇමතිධුරය ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පුද්ගලයෙකු ලබා ගැනීම සඳහා කටයුතු කරන බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
බහුතරයක් ලබාගැනීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයට මහ ඇමතිධුරය ලබා නොඳුණහොත ජනතාව සමග පළාත් සභාව වටලන බවත් ඔහු පැවැසීය.
උතුරුමැද පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කේ.එච්.නන්දසේන මහතා එම තනතුරින් ඉවත් කිරීම පිළිබඳව මෙන්ම එයට විරෝධය පළ කර අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතාද සිය අමාත්‍යධුරයෙන් ඉවත්වී තිබේ.
මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව
සභාවේ මන්ත්‍රිවරුන් 33 දෙනාගෙන් බහුතරයක් ස්වාධිනව කටයුතු කිරිමට ඉල්ලිමක් කළ බවත් බහුතරයක් සිටින එම මන්ත්‍රිවරුන්ගෙන් මහ ඇමතිවරයෙක් පත් කිරීමට තීරණයක් ගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
උතුරුමැද පළාත් සභාව අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව දිස්ත්රික්කයේය.
.jpg)