ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භකරමින් කළ ප්‍රකාශයක කොටසක් ඔහුගේ ට්විටර් ගිණුම හරහා ඊයේ (08දා) ප්‍රකාශ කළ විට ජනපති මාධ්‍ය අංශයේ නිල ට්විටර් ගිණුමෙන් එයට සෘණාත්මක අදහසක් එක් කර තිබුණි.
එහි සඳහන් වූයේ " ඔබ හොඳ කතිකයෙක්. නමුත් ඔබ කොහොමද ඒවා ක්‍රියාවට නංවන්නේ. ක්‍රියාවෙන් පෙන්වන්න " යනුවෙනි.
කෙසේ වෙතත් ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ සුළු මොහොතකට ගිණුම පාලනයෙන් බැහැර වූ බවත් පසුව එය යථා තත්ත්වයට පත්කළ බවත්ය. එසේම ඒ පිළිබඳව පරීකෂණ පවත්වන බවත්ය.
