පොළොන්නරුවේ දිඹුලාගල මගුල්දමන මහා විද්‍යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඔප්පු ප්‍රධානෝත්සවය වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ ලබාදීමට සිදුව ඇති බැවින් එම බස් රථවල ගමන් කිරීම සඳහා පෙර ගෙවීම් ප්‍රවේශ පත්‍ර ලබාගත් පොළොන්නරුවේ පාසල් දරුවන් 1500කට වැඩි පිරිසක් අපහසුතාවට පත් වූ බව දෙමාපියෝ පවසති
මේ හේතුවෙන් අද (01දා) පැයකට කලින් මාර්ගයට ඔවුන් පැමිණිය යුතුව තිබූ බවත්, එසේ නොමැති නම් පාසලට පැමිණීම සඳහා විකල්ප ක්‍රියා අනුගමනය කරන ලෙස විදුහල්පතිවරු විසින් ඊයේ (31දා) දරුවන්ට දැනුම්දී ඇති බවත් ඔවුහු පැවසූහ.
මේ පිළිබඳ අදහස් දැක් වූ දෙමාපියෝ අප සමග මෙසේ පැවසූහ.
“අපේ දරුවෝ සමාන්‍ය දවසටත් පාසලට එන්න පාන්දර 4.00ට විතර නැගිටලා 5.30ට විතර තමයි පාසලට එන්න පාරට එන්නේ. නමුත් ඊයේ දරුවෝ ගෙදර ගිහිල්ලා කිව්වා පැයකට කලින් පාසල් එන්න කියලා විදුහල්පතිවරයා කිව්වා කියලා. මේක පුදුම වැඩක් කාටවත් ඔප්පු දෙන්නේ. ඒ අය එන්නේ නවයට. ඒ වුණාට ඒකට දඬුවම් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ පොළොන්නරුවේම ඉන්න පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට. ඇත්තටම අපට දේශපාලනයක් තිබුණාට දරුවන්ට එහෙම එකක් නෑ. අපි දැකලා තියෙනවා ජනාධිපතිවරයා සහභාගි වන උත්සවවලට පාසල් දරුවන් අව්වේ හිටියත් ජනාධිපතිවරයා ළමයි අයින් කරන්න දරුවෝ අව්වේ තියන්න එපා කියලා කියනවා. ඒ විදියට දරුවන්ට සලකන ජනාධිපතිවරයා සහභාගිවන උත්සවය වෙනුවෙන් පාන්දර දෙකේ තුනේ ඉඳන් දුක් විඳවන්න දෙන්නේ නැති බව අපි දන්නවා. නමුත් අද දිනයේ මුළු පොළෙන්නරුවේම ලංගම බස්වල යන පාසල් දරුවෝ පාන්දර දෙකට තුනට නැගිටලා පාරේ ඉන්න ඕන."
මේ පිළිබඳ පොළොන්නරුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ කළමනාකරු වන බී. එම්. ජී. චන්ද්‍රසේකර මහතාගෙන් අප විමසා සිටි අතර එහිදී ඒ මහතා මෙසේ අප සමග අදහස් දැක්වූහ.
"ජනාධිපතිවරයාගේ දිඹුලාගල උත්සවයක් සඳහා බස්රථ 10-12ක් විතර මුදල් ගෙවා ඉල්ලා තිබුණා. ඒ සඳහා බස්රථ ලබා දීමට අවශ්‍ය බැවින් විදුහල්පතිවරුත් එක්ක සකච්ඡා කර ලංගම බස්රථවලින් පෙරගෙවුම් ප්‍රවේශ පත්‍ර ලබාගත් සිසුන් අද (01දා) පැයකට කලින් මාර්ගවලට පැමිණ සිටින ලෙස පොළොන්නරු දිස්ති‍්‍රක්කයේ සියලුම පාසල්වල සිසුන්ට දැනුම් දීමක් දෙන ලෙස මා විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නා. සිසුන් කලින් පාසල්වලට දාලා එම බස්රථ ජනාධිපතිතුමාගේ උත්සවයට යෙදවීම සඳහා තමයි එහෙම කළේ.”