ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු නිල සංචාරය ලෙස යොදාගෙන තිබෙන ඉන්දීය සංචාරය අද (15දා) ආරම්භවීමට නියමිතය. ජනපතිවරයා නැවතත් 18දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජනපතිගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය ජනපති ප්රනාබ් මුඛර්ජි මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.