සූර්යය සංක්‍රාන්තිය මත පදනම් වන අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඔස්සේ සමාජගත වූ ප්රමුඛ කියැවීම මිහිතලය මත ජීවයේ සම්භවය සිදුවූ අතීතයේ ඈත යුගයක් දක්වා දිවයන මිනිසාත් සොබාදහමත් අතර පවතින්නා වූ භෞතික සහ ආධ්‍යාත්මික ගනුදෙනුවක අපූර්ව සබැඳියාවය.
එදා මෙදා තුර මිනිසාගේ කෘතවේදී ගුණය පිළිබඳව සජීවී නිදර්ශකයන් බවට පත්වන අවුරුදු චාරිත්‍ර පෙර පැවැති මහා කෘෂි ජීවන සම්ප්රදාය නවීකරණය වෙමින් පවතින අද දවසේ වුවද සක්‍රීයව ජන විඥානය තුළ ස්පන්ධනය වනුයේ අප තුළ ජීවත් වන සංස්කෘතික ආධ්‍යාත්මයේ ප්‍රබලත්වය විදහා දක්වමිනි.
සමස්ත අවුරුදු චාරිත්‍ර පද්ධතියේ සමුදයාර්ථය වනුයේ තම පැවැත්ම සවිබල ගැන්වූ පරිසරයට මිනිසා විසින් පෙරළා දක්වන කෘතවේදීත්වය සේම ඔහුත් අවශේෂ සමාජයත් අතර පවත්නා සමීප සබැඳියාව යාවත්කාලීන කිරීමටය. අවුරුදු ලිත ඒ සඳහා ඔහුට යම් කාලසටහනක් ලබාදීම තුළින් මිනිසාගේ කාල කළමනාකරණයටද අවුරුදු නැකැත්කරු ප්‍රමුඛත්වය ලබාදී තිබේ. එසේම නැකතට කෙරෙන ගනුදෙනු සමග ප්රතිපත්තිගරුකවීමේ අගය අවුරුදු සිරිතේ නින්නාද දෙන ගැඹුරු හර පද්ධතිය බවට පත්වන්නේ යමක් ලබාගන්නා සේම පෙරළා පිරිනැමීමද අප සංස්කෘතියේ උදාර ගති ලක්ෂණයක් බවට අවධාරණය කරමිනි.
සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදුකෙරෙන සියලු චාරිත්‍ර වාරිත්රයන්හි පොදු අපේක්ෂාව තුළ කැටපත් වන්නේ පසුගාමී,චින්තනයෙන් සහ අවර ගණයේ ආකල්පයන්ගෙන් තොර අලුත් මිනිසෙකු නිර්මාණය කිරීමය.
අලුත් අවුරුද්ද සැබැවින්ම අපේ ජීවිතවලට නව සමාරම්භයක් වන්නේ අප එලෙස අලුත් වීම තුළය.
දිනාගත් ජයග්‍රහණ වඩාත් හරවත් කරමින් සංහිඳියාවෙන්, සහජීවනයෙන් වඩාත් ශක්තිමත්ව නැගී සිටින රටක් ලෙස, එළැඹි අලුත් අවුරුදු අධිෂ්ඨානය බවට පත් කර ගනිමු.
එතෙර මෙතෙර වඩාත් හරවත් කරමින් සංහිඳියාවෙන්, සහජීවනයෙන් වඩාත්‘ ශක්තිමත්ව නැගී සිටින රටක් ලෙස එළැඹි අලුත් අවුරුද්දේ පෙළ ගැසෙමුය යන්න අපේ අලුත් අවුරුදු අධිෂ්ඨානය බවට පත් කරගනිමු.
එතෙර මෙතෙර වෙසෙන සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යමත්, සාමය සතුට පිරිවැරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා!