එක්සත් ජාතීන්ගේ 70 වැනි සැසිවාරය සඳහා සහභාගීවීමට ජනපති මෛත්රීපාලි සිරිසේන මහතා ඇමෙරිකාවට ගිය හෙයින් වැඩබලන අමාත්‍යවරු ලෙස රුවන් විජයවර්ධන මහතා සහ අනුරාධ ජයරත්න මහතා ජනපතිවරයා (23දා) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය රුවන් විජයවර්ධන මහතාද වැඩබලන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස අනුරාධ ජයරත්න මහතාද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම් දීම සිදු වූ අතර මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද එක්විය.
.jpg)