ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයට එක්ව තිබෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපති මෛත්‍රිපාල සිරිසේන සිය සුබ පැතුම් පිරිනැමීය.
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්ඩායම සමග අද (15දා) දහවල් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපතිවරයා සිය සුබපැතුම් පිරිනැමු අතර 2015 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායිද ප්‍රාර්ථනය කළේය.
එමෙන්ම 2015 ලෝක කුසලාන තරගාවලිය තුළ සුවිශේෂි දක්ෂතා දක්වමින් ලෝක වාර්තා කිහිපයක් පිහිටවූ කුමාර සංගක්කාරගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරිම වෙනුවෙන් ඔහුට සිය ස්තූතිය පළ කර සිටියේය.
මේ අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා, සභාපති ජයන්ත ධර්මදාස, ලේකම් නිශාන්ත රණතුංග ඇතුළු මහත්වරු පිරිසක්ද එක්ව සිටියහ.