ජනතාව නිදහස් වුණා - අගමැති
යුද්ධාධිකරණයට මුහුණදී ආර්ථික සම්බාධකවලට ලක්වීමේ බියෙන් අද ශ්‍රී ලංකාවේ ජනතාව නිදහස් වී ඇතිබවත්, ජනතා පරමාධිපත්‍ය බලය යළි ස්ථාපනය වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකළේ නවීකරණය කරන ලද කොළඹ පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණය (හයිඩ් පිටිය) ජනතා අයිතියට පැවරීමේ උත්සවය සඳහා සහභාගී වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ පසුගිය යුධ සමයේ සිදුවූ අකටයුතුකම් සඳහා ප්රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිවයුතු බවත් ඒ නිසා එක් පාර්ශ්වයකට පමණක් චෝදනා එල්ල කිරීම නොකළ යුතු බවත්ය.
මෙහිදී පිලිප් ගුනවර්ධන ක්‍රීඩාංගණයට යාබදව අභිනවයෙන් ඉදිකරන ලද නාගරික මුද්‍රණාලය, කායවර්ධන මධ්‍යස්ථානය හා වෘත්තීය සමිති කාර්යාල සහිත නව දෙමහල් කාර්යාල සංකීර්ණයද ජනතා අයිතියට පත්කෙරිණි.
මේ අවස්ථාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරු සහභාගී වූහ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

