"මේ යහපාලන ආණ්ඩුව දැන් හොඳටම ඇති. දැන් කරුණාකරලා ගෙදර යන්න යැයි යම් දවසක ජනතාව පෙළගැසී කිවහොත් වත්මන් ආණ්ඩුව ගෙදර යාමට සූදානම්" යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බල තණ්හාවෙන් හා බලය උපයෝගි කරගනිමින් බලහත්කාකරයෙන් වැඩකළ කාලය අවසන් වී තිබෙන බවත්, වත්මන් රජය සෑමවිටම ජනමතයට මූලිකත්වය දෙන බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.
තිස්සමහාරාම යෝධ කණ්ඩිය ප්‍ර‘දේශයේ පැවැති ජනතා හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"යම් යම් පාර්ශ්ව ජනතාව උසිගැන්වූවද, රැවට්ටුවද, බිය ගැන්වූවද වත්මන් රජය වට්ටන්නබැරිවිත්තිය කිවයුතුයි. අප එක ජාතියකට, ආගමකට සීමා වුණු රජයක් නොවෙයි. සියලු ජනතාව වෙනුවෙන් හඬක් නගන, සේවාවක් ඉටුකරන රජයක් ලෙස අප තවදුරටත් ශක්තිමත් වෙමින් පවතිනවා.
අපේ රජය බලහත්කාරයෙන් පාලන බලයේ රැඳී සිටින්නට උත්සාහ ගන්නේ නැහැ. අපට බලය අහිමිවුණත් දේශපාලන අනාථභාවයට පත්වන්නෙත් නැහැ. පාලකයන් බලයට පත්කිරීමේ හා බලයෙන් පහකිරීම ජනතාව සතු අයිතියක් බව අප තරයේ සිහියේ තබාගත යුතුයි" යැයි පවසා සිටියේය.