ජනාධිපතිවරණයට පෙර ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ඉටුකර අවසන් වූ පසු මැතිවරණයක් පවත්වන බවත්, ජනතාවට අවශ්‍ය මැතිවරණයක් නොව දුන් පොරොන්දු ඉටුකිරීම බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය.
මැතිවරණය ක්‍රමය වෙනස්කර නව මැතිවරණ ක්‍රමය අනුව මැතිවරණයකට යා යුතු බවද, දුන් පොරොන්දු නිවැරදිව ඉටුකරනවා නම් ඒ සඳහා දින සියයට වඩා ගතවුවත් ජනතාව එයට එකඟවනු ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී ආගම්වාදය සහ ජාතිවාදය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මුලින් සිංහල ජාතිවාදය නවතා පසුව අනිකුත් ජාතිවාදීන් නැවැත්විය යුතු බවයි.
සිංහල ජාතිවාදය පෙන්වා දමිළ ජාතීන් දමිල ජාතිවාදය ඇතිකරන බවත්, දමිළ ජාතිවාදය පෙන්වා සිංහලුන් සිංහල ජාතිවාදය ඇතිකරන බවත් පැවසූ ඇමතිවරයා මෙය නිමනොවන ගැටලුවක් ලෙස පවතින බවද පැවසීය.
පළමුව මහජාතිය ජාතිවාදය නැවැත්වූ විට මේ සියල්ල නවතා සියලු ජාතීන්ට එක්විය හැකිබවත්, ඒ වෙනුවෙන් මාධ්‍යද බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.