හෙට දිනයේ (01දා)පැවැත්වෙන මැයි දින රැළිවලදී හෝ එයට සහභාගීවීමේදී කොළඹ හා මහනුවර ප්‍රදේශවල සිදුවන නීතිවිරෝධී සිදුවීම් පිළිබඳව සොයා බැලීමට මෙහෙයුම් ඒකක දෙකක් ස්ථාපිත කර තිබේ.
මෙම මෙහෙයුම් දෙකට ජනතාවටත් පැමිණිලි කළ හැකි අතර, මේ අනුව කොළඹ නගරය තුළ සිදුවන සිදුවීම් 011 2 433 333 සහ මහනුවර නගරයේ සිදුවන සිදුවීම් 081 2 233 333 යන දුරකථන අංක මගින් දැනුම්දීමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මීට අමතරව කොළඹ නගරය තුළ සිදුවන ක්‍රියාකාරකම් නිරීක්ෂණයට අමතර ආරක්ෂිත කැමරා පද්ධතියක්ද සකස් කර තිබෙන බව හෙතෙම පවසා සිටියේය.