ඡන්ද විමසීම ප්‍රමාද කිරීමට හේතු අවශ්‍ය වන්නේ නම් තමන්ට දොස් කීමෙන් වැළකී ඒ අවශ්‍යතාව සෘජුව ප්‍රකාශ කර ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව සීමා නිර්ණ අභියාචනා විමර්ශන කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සීමා නිරණ වාර්තා අසම්පූර්ණ බවට පුවත්පත් වාර්තා කළ ප්රවෘත්ති පිළිබඳව මෙන්ම සීමා නිර්ණ අභියාචනා විමර්ශන කමිටුවට එල්ල වී ඇති චෝදනා පළිබඳව හා ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සඳහන් කරමින් ඔහු මෙම නිවේදනය නිකුත් කර තිබේ.