දෙමෝදර , හෙල හල්පේ ,සංචාරක ලැගුම්හලක් තුළදි අද (6දා) අලුයම චෙක් ජාතිකයන් දෙදෙනෙක් අතර ඇතිවු ගැටුමකදී තුවාල ලැබු එක් අයෙක් බදුල්ල මහ රෝහලට ඇතුල්කර ඇති අතර අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ මාටින් සෝවා නැමති 28 හැවිරිදි චෙක් ජාතිකයා බව ත් ඔහු කැපුම් තුවාල සහිතව සැත්කමකට භාජනය කළ බවත් බදුල්ල මහ රෝහලේ ප්රකාශකයෙක් පැවසීය .
මොවුන් දෙදෙනා තවත් කාන්තාවන් දෙදෙනෙක් සමග හෝටලයේ එකම කාමරයක් නැවති සිටියදී මේ ගැටුම හටගෙන ඇති බව විමර්ශන වලදි අනාවරණය වු බව පොලීසිය සඳහන් කරයි .