චීන සබ්මැරීනයකට කොළඹට පැමිණීමට අවසර නොදෙයි?
චීන සබ්මැරීනයක් ශ්‍රී ලංකාවට පැමිණීමට අදාළව චීන රජය විසින් ඉල්ලා ඇති අවසරයක් ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. එය ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණීමට අවසර ඉල්ලා තිබුණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඇතැයි සඳහන් වෙයි.
චීන සබ්මැරීනයක් අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී වන අතර, ඒ සඳහා ඉන්දියාව දැඩි විරෝධයක් ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ විරෝධය මත චීන සබ්මැරීනයකට කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ නැංගුරම් දැමීමට අවස්ථාවක් නැතැයි ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සබ්මැරීනයට කොළඹ වරායට පැමිණීම සඳහා තවදුරටත් අවසරය ලබාගැනීමට බලපොරොත්තුවෙන් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
