සුඛෝපභෝගී බස් රථ 500 ක් චීනයෙන් ගෙන්වීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම බස්රථ 500 න් 300 ක් කොළඹ හා ප්‍රධාන නගර අතරත්, ඉතිරි 200 කොළඹ හා තදාසන්න ප්‍ර‘දේශවලත් ධාවනයේ යොදවන බව ලංගම ප්‍රධාන මෙහෙයුම් අධිකාරි එච්.එම්. චන්ද්‍රසිරි මහතා පවසයි. ඉන්දියාවෙන් ආනයනය කර ඇති බස්රථ 2200 න් 1200 ක පමණ ප්‍රමාණයක් මේ වනවිටත් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර, ඉන් 900 ක් පමණ මේ වනවිට ඩිපෝවලට බෙදා දී තිබේ.