චීනයෙන් ලැබුණ ඩොලර් මිලියන 300 විශේෂ ගිණුමක තැන්පත් කරනවා
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මගින් චිනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 300 ක මුදල විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමක තැන්පත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තු සංකිර්ණයේදි ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම අතර අත්සන් කළ හම්බන්තොට වරාය ගිවිසුම නිළ වශයෙන් ක්‍රියාත්මක කිරිම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 300 ක් ලබාදිම වෙනුවෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේ අංක එක කමිටු ශාලාවේ පැවැති උත්සවයේදි අගමැතිවරයා මේ බව කීවේය.
ව්‍යාපෘතියේ මුළුමුදලින් 30% ක කොටසක් වන ඩොලර් මිලියන 300 ක පළමු චෙක්පත චයිනා මර්චන්ට් සමාගමේ විධායක උපසභාපති ආචාර්ය හූ ජියෑන් හුවා මහතා විසින් අගමැතිවරයා වෙත පිරිනැමීය.
හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරායක් ලෙස ක්‍රියාත්මක කරන බව කී අගමැතිවරයා ජාතික ආණ්ඩුවක් ලෙස හම්බන්තොට වරාය දියුණු කර ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


