හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව චීනයට යටත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී අද (18දා) මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
''අපි චීන ආක්‍රමණයට යටත් වෙලා ඉවරයි. අපි හැමදාම ගරු කරනවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා රණවිරුවන්ට යුද්ධය අවසන් කළාට. නමුත් චීනයට අපිව උකස් තිබ්බාට පුරවැසියෙක් හැටියට කවදාවත් සමාව දෙන්න බෑ. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉඩම ෂැංග්‍රිලා එකට දුන්නා සින්නකරව කෝටි ගාණක කොමිස්වලට.
ආරක්ෂක අමාත්‍යාංශය පැලවත්තේ, අකුරගොඩට ගෙන ගිහින් තියෙනවා. කෝටි 250ක් පොලී ගෙවනවා අවුරුද්දට. ටයිල් කරන්න වර්ග අඩියකට වැඩිම මුදලක් අය කරනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයක් ඒක.
මාස තුනකට කලින් චීනයට යන්න ලැබුණා. ඒකෙදී චයිනා මර්චන්ට් කොම්පැණියට ගියා. හැමතැනම තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිංතූර ඒ මොකද ඔවුන්ගේ හොඳම සේවාදායකයා. ඔවුන්ගේ හොඳම ගැනුම්කාරයා.
මහින්ද රාපක්ෂ මහත්තයා චීනයට අපව විකුණලා ඉවරයි. ඒක තමයි ඇත්ත කතාව. හම්බන්තොට වරාය තමයි මුහුදු සීමාවේ හොඳම තැන. ඒක චීනයට දුන්නා. චීන්නු කියන්නෙත් නෑ සල්ලි දුන්නා කියලා. මහින්ද රාජපක්ෂ කියන්නෙත් නෑ සල්ලි ගත්තා කියලා. ජනතාව කියනවා හොරු අල්ලපල්ලා කියලා. කොහොමද හොරු අල්ලන්නෙ.
මහින්ද රාජපක්ෂ මහතා පොළොව ඉඹලා පළමුවත් මව්බිම, දෙවැනියටත් මව්බිම, තෙවැනියටත් මව්බිම කිව්වට. ඒ තරම් රට විකුණපු කෙනෙක් නෑ'' යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.