මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිළිබඳව විවෘත සංවාදයකට පැමිණෙන ලෙස බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බස්නාහිර පළාත් මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට ඇරයුම් කරයි.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට වගකිව යුත්තේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ එහි අමාත්‍යවරයා බව තැන තැන මඩ නොගසා තමන් සමග විවාදයකට එන ලෙස අමාත්‍යවරයා සඳහන් කරයි.
මීතොටමුල්ල කුණු කන්ද නායයෑම පිළිබඳව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මීතොටමුල්ල කුණු කන්ද කළමනාකරණය කළේ කොළඹ නගර සභාව විසින් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එසේම නාගරික කොමසාරිස් සිටිනුයේ පළාත් සභාව යටතේ බවත් බස්නාහිර පළාත් මහ ඇමතිවරයා විවාදයට පැමිණියහොත් හෝ නොපැමිණියහොත් මෙම කුණු ප්රශ්නයේ වගකීම පළාත් සභාව භාරගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් නිවේදනයෙන් පවසයි.