ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිපත්ති සහ සැලසුම් කමිටුවේ සභාපතිනිය ලෙස හිටපු ජනපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද, එහි ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්රී විදුර වික්රමනායක මහතාද පත්කර ඇති බව ශ්රී.ල.නි.ප. පරිපාලන ලේකම් එස්.එම්.ආරියසේන මහතා පැවසීය.
නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම ප්රතිසංශෝධනය කර නව සැලසුම් යටතේ ක්රියාත්මක කිරීම සඳහා මෙම කමිටුව කටයුතු කරන බවද ඉදිරි මැතිවරණවලදී ශ්රී.ල.නි.ප.ය කටයුතු කරන ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ගන්නා බව ආරියසේන මහතා පැවසීය.