වරකාපොළ, අඹේපුස්ස ප්රදේශයේදී ඝාතනයක් සිදුකිරීම සඳහා සැලසුම් කළ සැකකරුවන් 05 දෙනෙකු ගිනිඅවි සමග වරකාපොළ පොලීසියේ බුද්ධි අංශ වෙත ලැබුණ තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් රැඳවුම් භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම සැකකරුවන් වෑන් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර වරකාපොළ ලෙනගල ප්රදේශයේ නිවසක් කොල්ලකා එහි හිමිකරු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කර පැමිණ ඇති බවට ආනාවරණය වී ඇත.
සැකකරුවන් අද (21දා) තුල්හිරිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
