ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වූ මැයි දින රැලියට අවිස්සාවේල්ල, කුඩගම ප්රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි ඥාතීහු පවසති.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, එම්.ඒ. කරුණාරත්න (අවු.65) හෙවත් කරුමාමා යන අන්වරථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.
පවුලේ සමාජිකයන් පවසන්නේ අතුරුදන්වූ පුද්ගලයා අසනීප තත්ත්වයේ පසුවන බවයි.
ඔහු පිළිබඳව තොරතුරු දන්නේ නම් 071- 7017 902 හෝ 0773- 539 524 යන දුරකථන අංකවලට දන්වන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
( උදය දහනායක )