ගෝනමස් කිලෝ 50ක් සමග ඩයගම, 'පෝට්මෝර්' තේ වතුයායේදී පුද්ගලයෙකු ඊයේ (27දා) සැකපිට අත්අඩංගුවට ගත් බව ඩයගම පොලීසිය පවසයි.
සැකකරු බෝපත්තලාව, මැණික් පාලම ප්රදේශයේ සිට ඔහු පදිංචිව සිටින නිවස ලබා යන අවස්ථාවේදී පොලීසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (28දා) නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඩයගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.