රාජාංගනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකළ ගොවීන් 51 දෙනාම ශරීර ඇප මත අද (05දා) නිදහස් කර තිබේ.
තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් ගොවියෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මෙම පිරිස නිදහස් කර තිබෙන අතර, ඔවුන් සෑම මාසයකම අවසාන ඉරිදා දින තඹුත්තේගම පොලීසියට වාර්තා කළ යුතුය.
නැවත නඩුව කැඳවීම අප්‍රේල් 02 සිදුකිරීමට නියමිතය.