විශ්වවිද්‍යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වෙනුවට උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වෙත අද (14දා) දින උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදය කරයි.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට එදා ජාත්‍යන්තරයේ හිමි වී තිබූ තත්ත්වය මේ වන විට පහත වැටී ඇති බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නැවතත් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සෑම උපකුලපතිවරයෙකුගේම වගකීම බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
වර්තමානයේ විශ්වවිද්‍යාලවල පවතින ගැටලු හා අනාගත උසස් අධ්‍යාපන සැලසුම් පිළිබඳව, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් හා භාණ්ඩාගාර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (14දා) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දුන්නේය.
විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන නවකවදය තුරන් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු බවත්, අවශ්‍ය නම් විශ්වවිද්‍යාලවලට අලුතින් සේවකයන් බඳවාගෙන හෝ නවකවදය තුරන් කර සිසුන්ට නිදහසේ සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කළයුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. එසේම විශ්වවිද්‍යාල සිසුන් පන්ති වර්ජනයට නොව අධ්‍යාපනය සඳහා යොමු කළයුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.