හිඟුරක්ගොඩ නගරයේ ඉදිවෙමින් පවතින මහල් ගොඩනැගිල්ලක බිත්තියක් අද (24දා) දහවල් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ, මින්නේරියේ පදිංචි ඉසුරිකා ගිම්හානි ගුණතිලක (අවු.34) නමැති ග්රාම නිලධාරිනියකි.
ඇය රාජකාරි කටයුත්ක් සඳහා හිඟුරක්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සිට තම රාජකාරි වසම වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
තුවාල ලැබූ කාන්තාව හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොළොන්නරුව රෝහල වෙත මාරුකර යවා තිබේ.
සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු හිඟුරක්ගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.