අවදානම් තත්ත්වයේ පවතින මහනුවර ගොහාගොඩ කුණුකන්ද සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මේ මස 02 වැනිදා ඩ්‍රෝන කැමරා යොදවා විශේෂ පරීක්ෂා කිරීමකට සැලසුම් කර තිබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර, ඉන් ලබාගන්නා තොරතුරු පිළිබඳව ලබන මස 05 වැනිදා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටත් සැලසුම් කර තිබේ.