වසර ගණනාවක් ප්‍රමාද වූ කටුනායක නව ගුවන්යානා හැසිරවීම් පථයෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය ඉඳි කිරීමේ නව ගිවිසුම නිසා රටට ඇමරිකානු ඩොලර් මිලියන 3.1ක ඉතිරියක් ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේදී මෙම නව ගිවිසුමට අත්සන් තැබීම සිදුවුනේ ලංකා ඛනිජ තෙල් නීතගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහි ඉඳිකිරීම් කොන්ත්‍රාත්තුව හිමිව ඇත්තේ සිංගප්පූරුවේ WEC Engineers and Constructors Pte Ltd ප්රමුඛව PT Wijaya Karya (Persero) Tbk සහ China National Chemical Engineering No. 14 Construction Co., Ltd යන සමාගම් එකමුතුවටයි.
වත්මන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙකී ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලය වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව එම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන ලෙසට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දෙන ලදි. ඒ අනුව නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් වඩාත් විනිවිද බවින් සහ තරගකාරී ලෙස දින 45ක් වැනි කෙටි කාලයක් තුළදී ජාත්‍යන්තර විවෘත තරගකාරී ලංසු ක්‍රමය යටතේ විදේශ ආයෝජනද සමඟ සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකි විය. එහි සභාපති දම්මික රණතුංග මහතා එකී ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව කියා සිටියේ මෙම නව ක්‍රමවේදය යටතේ රටටත් සංස්ථාවටත් ඇමරිකානු ඩොලර් මිලියන 3.1ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි.