වතු ආශ්රිත පාසල්වල ගුරු හිඟය පියවීමට ගුරු සහයකයන් 113 දෙනෙකු අද (13දා) සේවයට බඳවා ගනු ලැබිණි.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ මෙම බඳවා ගැනීම සිදුකළ අතර මෙම පිරිස් වතු ආශ්රිත පාසල්වල පවතින විෂය පුරප්පාඩුවලට අනුව සේවයට අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.
විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට ආසන්න අධ්‍යාපන සුදුසුකම් ඇති මෙම පිරිස් ඉදිරියේදී ගුරු සේවයට ඇතුළත් කර ගැනීමට පවා හැකියාව තිබෙන බව පත්වීම් ලිපි ප්රදානය කරමින් රාජ්‍ය අමාත්‍ය වී.රාධා ක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේය.