බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පළාතේ ගුරුවරුන් සිය දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගැනීම හෙළාදකින බව ලංකා ගුරු සංගමය පවසයි.
ප්‍රසන්න රණතුංග මහතා සිය අත්සනින් ශී‍්‍ර ලංකා නිදහස් ගුරු සංගමයේ සාමාජිකයන්ට සාමාජික හැඳුනුම්පතක් ලබා දී ඇති බවත්, එම හැඳුනුම්පත ඉදිරිපත් කරන්නන්ට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේදී ප්‍රමුඛතාව දෙන බවත් ප්‍රකාශ කිරීමෙන් ඔහුගේ පිළිකුල් සහගත දේශපාලනීකරණ කි‍්‍රයාදාමය මැනවින් ප්‍රදර්ශනය කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ඔහු විසින් නිකුත් කළ නිවේදනයක මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.