ගුරුවරියකගේ සියදිවි හානිකර ගැනීමේ තැත වරදියි
තලවකැලේ දුම්රිය පාලමෙන් ඉහළ කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානිකර ගැනීමට තැත් කරන ලද තරුණියක් දුම්රිය පාලමේ කොන්ක්‍රීට් ආවරණ තුළ වැටී සිරවී සිටියදී තලවකැලේ පොලීසිය මගින් අද (23දා) බේරාගෙන තිබේ.
මෙසේ ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කරන ලද තරුණියගේ කොන්ද ප්‍රදේශයට හානිවී ඇතැයි පොලීසිය පවසයි.
හැටන්, පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි 21 හැවිරිදි තරුණ ගුරු සිසුවියක් මෙසේ සියදිවි හානිකර ගැනීමට තැක්කොට ඇති අතර ඇය වටගොඩ උතුරු මැද කුඹර ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
වසර දෙකක පමණ කාලයක් පැවැති ප්‍රේම සබඳතාවයක් බිඳවැටීමෙන් සිත් තැවුලකට පත්ව මෙම තරුණිය මෙසේ සියදිවි නසා ගැනීමට තැත්කොට ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
තුවාල ලැබූ තරුණිය ප්‍රතිකාර සඳහා ලිඳුල දිසා රෝහලට ඇතුලත් කර තිබේ. සිද්ධිය පිළිබඳ තලවකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ශාන් හුලංනුගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

