තමාට මන්ත්‍රීධුරයක් දැරීම සඳහා සුදුසුකම් නොමැති බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.
ගීතා කුමාරසිංහ මහත්මියට ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය තිබෙන හෙයින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය අද (3දා) පෙත්සමක් විභාග කරමින් පැවැසීය.
ඇය ගාලු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ගාලු දිස්ත්‍රික්කයේ පස් දෙනෙකු මෙම පෙත්සම ගොනු කර තිබුණි.
නඩු තීන්දුව විවේචනය නොකරන නමුත් ඒ පිළිබඳව කනගාටුවක් ඇතැයි ඇය සඳහන් කරයි.