පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කරන බවට කතානායක කරු ජයසූරිය මහතාට ලිඛිතව දැනුම් දී ඇති හෙයින් ඇයට ගැටලුවකින් තොරව පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගිවිය හැකි බව නියෝජ්‍ය පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවැසීය.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අවසන් වන තෙක් ඇයට පාර්ලිමේන්තු සැසිවාර සඳහා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස හිමි වරප්රසාදද ගැටලුවකින් තොරව භුක්ති විදිය හැකි බවත් නිහෝජ්ය මහ ලේකම්වරයා සඳහන් කරයි.
සිය මන්ත්‍රිධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කරන බව ගීතා කුමාරසිංහ මහත්මිය ලිඛිතව කතානායක කරු ජයසූරිය මහතාට ඊයේ (04දා) ලිඛිතව දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීරණය පාර්ලිමේන්තුවට ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (04දා) පැවසීය.